නදීෂා පෙම්වතා ගැන ඇත්තම කියයි – චරිතේ අපිරිසිදු කරන්නේ හිඟන වෙබ් අඩවිලු

සෝෂල් මීඩියා එහෙම නැත්තම් සමාජ වෙබ් අඩවිවල නිතරම කතාබහට ලක්වෙන චරිතයක් තමයි නදීෂා හේමමාලි කියන්නේ. වෙනස් වූ නිර්මාණවලට රංගන දායකත්වය ලබා දෙන නදීෂා ගැන මේ දවස්වල හුඟ දෙනෙක් කතා කරනවා. එ් අලූත් පෙම්වතා නිසා. ඔහු බතීෂ ද සිල්වා. බතීෂගෙත් නදීෂාගෙත් ආදරය ගැන පුවත්පතකට අදහස් දක්වා තිබුනේ මේ විදිහටයි.
නදීෂා ආයෙමත් ආදරය කරන්න පටන් අරගෙන කියලා ආරංචියි…?
ඔව්. මට ආදරය කරන්න කෙනෙක් ඉන්නවා. මම ආදරය කරන කෙනෙක් ඉන්නවා. දැන් මම පෙම්වතියක්. එ් ආරංචිය ඇත්තක්.

නදීෂාගේ ආදරේ ගැන දැන් ෆේස්බුක් වෙබ් අඩවියෙන් පවා ප‍්‍රසිද්ධ කරලා තියෙනවා. පෙම්වතා ගැන ප‍්‍රසිද්ධ කළේ විවාහය ළඟයිද…?
අපි දෙන්නට දෙන්නා ආදරෙයි. එ් ආදරේ හංගන්න අවශ්‍ය නැහැ.

මමත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක්. ආදරය අවශ්‍යයි. තනිකම කියන දේ මම සදාකාලික කරගන්න කැමැති නැහැ. පවුලක වගකීම ගන්න, පවුල් ජීවිතය වි`දින්න මමත් ආසයි. එ් දේට මාව තේරුම් ගත්ත මට ඕන ආදරේ දෙන්න පුළුවන් කෙනෙක් මට මුණ ගැහුණා. මම එ් ආදරේට ආදරය කරන නිසා ප‍්‍රසිද්ධියේ ආදරය කරනවා. විවාහයත් ඉක්මනටම සිදු වෙයි. තවම කාලය තීරණය කරලා නැහැ.
ඔහුව මුණ ගැහෙන්නේ කොහොමද කියලත් කියමු…?
බතීෂව මට මුණ ගැහෙන්නේ අහම්බෙන්. එ්ක හරිම සුන්දර කතාවක්. එ්ත් එ් කතාව කියන්න කාලය වැඩියි කියලා හිතෙනවා. එ් ගැන පස්සේ කාලයක මාධ්‍යයට කියන්නම්.

නදීෂා හේමමාලී කියන්නේ කතාබහට ලක්වෙන නිර්මාණවලට රංගන දායකත්වය ලබා දෙන කෙනෙක්. එවැනි නිර්මාණවලට දායකවෙන්න ඉදිරියේදී පෙම්වතාගෙන් වැට බැෙ`දයිද දන්නේ නැහැ නේද..?
මම හැමදාම වැඩ කළේ ස්වයං වාරණයකට යටත් වෙලා. මම දන්නවා මගේ සීමාව. මම එ් සීමාවට යටත් වෙලා වැඩ කරනවා. එයා මාව හො`දින් තේරුම් අරගෙන ඉන්නේ. සමාජය ගැන හොඳ අවබෝධයක් එයාට තියෙනවා. එ් වගේම කියන්න ඕන මම තනී තීරණ ගත්තට කවදාවත් මට හානියක් වෙන විදිහට තීරණ ගන්නේ නැහැ කියන එක. එ් වගේම මම ආදරය කරන කාලේ මගේ පෙම්වතාට හෝ මම බැන්දට පස්සේ මගේ සැමියාට අසාධාරණය වෙන කිසිම දෙයක් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. පවුලට මුල් තැන දෙනවා වගේම රංගනයටත් තැන දෙනවා.

ඔහුගේ ආදරය ලැබීම ගැන ඔබ සතුටු වෙනවද..?
අනිවාර්යයෙන්ම ඔව්. මගේ ජීවිතේ මට ඕන ආදරේ අවශ්‍ය කාලේදී මට ලැබුණා කියලා මම හිතනවා. එ් නිසා මම හුඟක් සතුටු වෙනවා.

නදීෂා හේමමාලි කියන්නේ නිළියක් කියලා නොදැන බතීෂ ඔබට ආදරය කළා වෙන්න බැහැ නේද..?
එයා මම රඟපානවා කියලා දන්නවා. නමුත් මම රඟපෑ චරිත එයා බලලා නැහැ.

එ් කියන්නේ ඔබේ හැකියාවට ඔහුගෙන් ඇගයීමක් නැහැ කියන එකද…?
එයා මගේ සාර්ථකත්වය ගැන සතුටු වෙනවා.

බතීෂ විවාහකයෙක් කියනවා. එය ඔබට ගැටලූවක් නැද්ද…?
එයා විවාහකයෙක් නම් මටවත් එයාටවත් ප‍්‍රසිද්ධියේ අපි ගැන කතා කරන්න බැහැනේ. එ්ක බොරුවක්. එයා තනිකඩයෙක්.

නදීෂාගේ ආදර සම්බන්ධතාවට මේ දවස්වල වැඩිපුරම ප‍්‍රචාරයක් දෙන්නේ සමාජ වෙබ් අඩවි. එ් ප‍්‍රචාරවලට ජනතාව දක්වන අදහස් විවිධයි. එ් අතර තිබෙන ප‍්‍රතිචාරවල වැඩි වශයෙන් තියෙන්නේ නදීෂාට අපහාස කරලා. එ් ගැන කනගාටුවක් නැද්ද..?
ඔය ගොසිප් වෙබ් අඩවි වැඩිපුරම බලන්නේ වැඩක් කරන්නේ නැති මිනිස්සු. එ් අයගේ පවුල් ජීවිතවල අප‍්‍රසන්න අත්දැකීම් ඇති. එ් ආතතියෙන් මිදෙන්න සමාජ වෙබ් අඩවි පලිහක් කරගන්නවා. මිනිස්සුන්ට නිකරුණේ අපහාස කරනවා. මාව දන්න හඳුනන, මාව ඇසුරු කරන හිතමිතුරන් මං ගැන හොඳින් දන්නවා. එ් නිසා මට හැදෙන කටකතා ගැන මට අදාළ නැහැ. කතා හදන මිනිසුන්ට සහෝදර සහෝදරියෝ නැතුව ඇති. ජනප‍්‍රිය චරිත කැමරාව ඉදිරියේදී කරන්නේ රඟපෑමක් මිසක් එ් අය එ් රඟපෑම පෞද්ගලික ජීවිතේට එකතු කරගන්නේ නැහැ. එ් රඟපෑම ඇත්ත ජීවිතෙත් තියෙනවා කියලා හිතාගෙන ඔය විදිහට ප‍්‍රතිචාර දක්වනවා ඇති. මට කියන්න තියෙන්නේ එ් දේ තමයි.

නදීෂාගේ පුද්ගලික ඡායාරූප ප‍්‍රසිද්ධියේ ප‍්‍රචාරය කිරීමට විරුද්ධව ඔබ නීතිමය පියවර ගන්නවා කියලා ආරංච්යි…?
කාගේවත් පෞද්ගලික ඡායාරූප අපහාස වෙන විදිහට පාව්ච්චි කරන්න අයිතියක් නැහැ. එ් නිසා මම එ් වෙබ් අඩවිවලට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නවා. එ් වගේම කියන්න ඕන හිඟන වෙබ් අඩවි එ් අයගේ හිට්ස් වැඩි කරගන්න කරන වැඩ ඔය. සමහර විට ප්‍රේක්ෂකයෝ විදිහට එ් අයම කමෙන්ට්ස් දාගන්නවා ඇති. එ්ක මගේ චරිතයට විශාල හානියක්. එ් නිසා මම නීතිමය පියවර ගන්නවා.

නදීෂා දැන් රූප රචනාවලට මුල්තැන දෙනවා වගේ. කතාබහට ලක් වෙන්න තියෙන වුවමනාවටද සරාගී රූප රචනාවලට පෙනී ඉන්නේ..?
මම නිර්මාණයක් භාර ගන්නේ වෙනසක් තියෙන රංගනයෙන් යමක් කරන්න පුළුවන් නිර්මාණ. වෙනසක් තිබුණ නිසා ”සිල් බිඳගත්ත” ගීතයට එකතු වුණා. එ්ක කතාබහ වුණා. මම කොහොමත් රැල්ලට යන කෙනෙක් නෙමෙයි.

සිල් බිඳ ගත්ත ගීතයට නදීෂාට පේ‍්‍රක්ෂකයින්ගෙන් විවිධ චෝදනා අවා. එ් ගැන දුකක් දැනුනේ නැද්ද..?
මම නිර්මාණයකදී යටත් වෙන්නේ අධ්‍යක්ෂවරයාට විතරයි. මම එ් නිර්මාණයට කැමැත්තෙන් සම්බන්ධ වුණ නිසා කවුරු මොන දේ කිව්වත් මගේ හිත රිදුනේ නැහැ. පිරිසක් එ් ගැන සතුටු වුණා. හැමෝම සතුටු කරන්න මට බැහැනේ. ජීවිතේ කියන්නේ නින්දා – අපහාස, සතුට – දුක මේ හැම දෙයකම සංකලනයක්. එ්ක විදගෙන ජීවත් වෙන්න මම උත්සාහ ගන්නවා.

නදීෂා කොහොමද නිර්මාණ කටයුතු. අලූත් චිත‍්‍රපටවලට ඇරයුම් ලැබුණේ නැද්ද..?
අලූත් චිත‍්‍රපටයකට ආරාධනා ලැබුණා. එ් චිත‍්‍රපටයේ වැඩ කටයුතු ජූලි මාසේ පටන් ගන්නවා.

Search Keywords
gossip lanka news room, gossip lanka exclusive, gossip sri lanka actresses, www.lankagossip, Nadeesha, Nadeesha Hemamali boyfriend, Nadeesha hemamali hot, Nadeesha Hemamali new, Nadeesha Hemamali sexy, Nadeesha Hemamali boyfriend photos, Nadeesha Hemamali gossips, Nadeesha hemamali nude, Nadeesha hemamali kiss,

0 comments:

Post a Comment