Nov 11, 2013

පබෝධා සිය කුළුදුල් පුතත් එක්ක ලංකාවට

ජනපි‍‍්‍රය සිනමා,ටෙලි නාට්‍ය නිළියක් හා හඬකැවීම් ශිල්පිනියක් වන රශී පබෝදා සංදීපනී සිය කුළුදුල් පුතා සමග ලංකාවට පැමිණ ඇතැයි වාර්තා වේ. පබෝධා, පසුගිය ජූලි 04 වැනිදා ප්‍රංශයේ පෞද්ගලික රෝහලකදී සිය කුළුදුල් පුතා බිහි කළ අතර ඔහුට ~සවේන්~ ලෙස නම් තබා ඇතැයි වාර්තා වේ. දරුවා ලැබීමෙන් පසුව ඇය වසරක පමණ කාලයක් ප්‍රංශයේ රැදී සිටීමට මීට පෙර සැලැසුම්කර සිටියද ඇගේ සැමියාට ප්‍රංශයට යාමට වීසා නොලැබීම නිසා එම තීරණය වෙනස්වී ඇති බවද පැවසේ. පබෝධා ගැබිනියකව සිටියදී ඇය ප්‍රංශයට ගියේ සිය පියා සමග එහි කාලයගත කිරීමටය. පබෝධාගේ සැමියා කොට්ටාවේ ප‍්‍රසිද්ධ නිමල් ගරාජයේ හිමිකරු වන නිමල් චන්ද්‍රසිරි බණ්ඩාරගේ පුතාය.


No comments:

Post a Comment