සිරස ඩාන්සින් ස්ටාර් රියැලිටි තරගාවලියේ තරගකරුවකු ලෙසින් නර්තනයේ යෙදුනු දුෂ්‍යන්ත් වීරමන්ගේ නර්තන සහකාරිය ලෙස කලා ලෝකයට පිවිසුණු හෂිනි ගෝනගල ඉතාමත් කෙටි කලකින් ඛෙහෙවින් ජනප්‍රියත්වයට පත් වූ නර්තන ශිල්පිනියකි.
ඇගේ එම දක්ෂතාවය හා ජනප්‍රියත්වය අධ්‍යක්ෂකවරුන්ගේ නෙත ගැටුණු නිසාවෙන් ඇයට සිනමාවට දායක වීමට අවස්තාව උදා වු ඒ හරහා ඇය නර්තනයෙන් ඔබ්බට ගිය රංගන ශිල්පිනියක් බවට පත් වු‚නර්තන ශිල්පිනියක් ලෙස කලා ලෝකයට පැමි හෂිනි ගෝනගල ජනතාව අතර ඛෙහෙවින් ජනප්‍රියත්වයට පත් වූ නිසාවෙන් ම ප්‍රේක්ෂකයින්ගේ නෙත ගැටුණු යුවළක් බවට හෂිනි සහ දුෂ්‍යන්ත් ඒ කාලය තුළ කතා මවන චරිත දෙකක් බවට ද පත්ව සිටි බැව් ඔබට මතක ඇති.
කෙසේ හෝ සිරස කළ වදෙන් පසු ඔවුන් දෙදෙනා කෑම බීම කෑවේත්,ගමන් බිමන් වල යෙදුනේත් එකටම බව බොහෝ දෙනාගේ නෙත ගැටුණු නිසාවෙන් ම ඒ දෙදෙනාට ද කටකතා පැතිරු‚ඒ පිළිබඳව විවිධ කතා පැතිරෙද් දී දුෂ්‍යන්ත් ගෙන් වෙන් වූ බව ඇය හදිසියේම පුවත්පතකට පවසා තිබුනේ මෙලෙසින්.
අපි නර්තනයේ යෙදුනේ එකට,අපි ළඟින් ඇසුරු කළා, උත්සව වලට සහභාගී වුනේ එකට. ඒ හින්දා හැමෝම හිතුවේ අපි පෙම්වතුන් කියලා.අපි අතර ප්‍රේම සම්බන්ධතාවයක් නැතිව ම ඒ වගේ දෙයක් පැතිරෙන එක හොඳ නෑ නේ. මේ වගේ කටකතා හින්දා අපි වෙන් වෙලා වැඩ කරන්න තිරණය කරා.
එයා එයාගේ ගමන යනවා. මම මගේ ගමන යනවා. මම දුෂ්‍යන්ත එක්ක විතරක් කලා කටයුතු වල යෙදෙනවා කියලා පැතිරිලා ගියොත් ඒක මගේ ගමනට බාධාවක්. ඒ හින්දා අපි කතා බහ කරලා තිරණයකට එළැඹුණා.
ඒ කියමනත් සමගම හෂිනි ඉන් අනතුරුව දෙරණ සිටි ඔෆ් සිටි ඔෆ් ඩාන්ස් රියැලිටි වේදිකාවේ නර්තනයට එක් වූ ඇය මේ වනවිට පෙම්වතියක් බව දැනගන්නට ලැබු‚ඇගේ පෙම්වතා වන්නේ සචින්ද්‍ර ජයනෙත්ති නමැති තරුණයකි.
0 comments:
Post a Comment