Nov 16, 2013

නළුවෙක් එක්කවත් කලාවට සම්බන්ධ කෙනෙක් එක්ක වත් සම්බන්ධතාවයක් තියාගන්න මම කැමති වුණේ නැහැ - ඕෂධී


අද අපි කතාකලේ ජනප්‍රිය නිළියක් වගේම නිවේදිකාවක් හැටියටත් ඔබව හමුවෙන ඕෂදී හේවාමද්දුමට.අම්මා කෙනෙක් උනාට පස්සේ ඉස්සර තරම්ම දකින්න නොලැබුනත් රගපෑමෙන් සමුගන්න නම් ඕෂදී ගේ අදහසක් නැ.හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා,ටෙලිනට්‍යත් එක්ක සාපේක්ෂව බැලුවාම චිත්‍රපටිවලින් ඇයව දකින්න ලැඛෙන්නේ නැති තරම්. ඒකට හේතුව මොකද්ද කියලා දැනගන්න අද අපි ඕෂදී ට කතාකලා.

ඕෂදී ඇත්තටම මොකද්ද ඒකට හේතුව?ඔය චිත්‍රපටි වලට කැමති නැද්ද?
ඇත්තටම මගේ හිතේ චිත්‍රපටිවලට තියෙන කැමැත්ත වැඩි වේදිකාවෙන් ආවත් පුංචි තිරයෙන් ආවත් ඕනෑම රංගන ශිල්පියෙක්ගේ ශිල්පිනියකගේ අවසාන කැමැත්ත ඊළග පියවර වෙන්නේ චිත්‍රපටි හැබැයි මං ආපු මුල් කාලේ සිනමාව බිඳවැටිලා තිබුනේ. ගොඩක්ම හැදුනේ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටි. එනිසා අපිට සිනමාව හරහා එන්න අවස්ථාවක් ලැබුනේ නැ ඒ කාලේ පීක් එකේ තිබුනේ රුපවාහිනිය.හැබැයි දැන් හොඳ චිත්‍රපටි හැදීගෙන එනවා. තිරගතවුණු මහින්දාගමනය,සිද්ධාර්ථ කියන චිත්‍රපටි දෙකේම මං රගපෑවා. ඒවගේම සංජය නිර්මාල්ගේ ජුලි හතයි වගේම තවත් අලුත් එකකත් රුගතකිරීම් මේ අවුරුද්ද ඇතුලතදී පටන් ගන්නවා. පහුගිය කාලේ එච්චර නිර්මාණ බිහිවුනේ නැති නිසා ආරාධනා ලැබුනෙත් නැ.අනික මාව ගොඩක් අධ්‍යක්ෂවරු වගේම නිෂ්පාදකවරුත් දැකලා තිබුනේ පුංචි තිරයෙන් විතරනේ. සමහරවිට ඔවුන්ට විශ්වාසයක් තිබුනේ නැද්ද දන්නෙ නැ මිටකලින් මාව සිනමාවට ගැලපෙනවද නැද්ද කියලා මං රගපාපු ඒ චිත්‍රපටි දෙක තිරගත වුනාට පස්සෙ තමා මට ආරාධනා ලැබුනේ.

සමහර නිර්මාණ බිහිවෙනවා ඒ වෙනුවෙන් නළු නිළියන්ට විශාල කැපකිරීම් කරන්න සිද්දවෙනවා සමහර ඒවායේ නිරුවත් දර්ශන පවා තියෙනවා. ඒවගේ නිර්මාණයකට ඕෂදී ට ආරාධනා කලොත් භාරගන්නවද ?
මගේ වෘතීය ජිවිතේ වගේම පුද්ගලික ජිවිතේ ගත්තත් මම කොහොමත් යම්කිසි සීමාවක් ඇතුලත වෙනස් ක්‍රමයකට ජීවත්වෙන කෙනෙක්.අනිත් අය ඒවගේ දර්ශනවල රගපෑවා කියල
මං වැරද්දක් දකින්නේ නැ. මොකද කලා කෘතියක් බිහිවෙනකොට ඒවගේ දේවල් අත්‍යාවශ්‍ය වෙන්න පුළුවන්.ඒනිසා ඒවා කරන අයත් ඉන්න ඕනේ.අපිත් සාමාන්‍යයෙන් විදෙස් රටවල වගේම ලංකාවෙත් ඒවගේ උසස් ගනයේ නිර්මාණ රසවිදිනවනේ.ඒක ඔවුන්ගේ වෘතීය මගෙත් වෘතීය තමයි.නමුත් මගේ මතය මම නම් එහෙම ඉන්නේ නැ. නමුත් යම් සීමාවක් ඇතුලත කරන්න පුළුවන්.දැන් කොටට අඳින්න වුනොත් කොටට අඳින එකේ සීමාවක් තියාගන්න පුළුවන්නේ මට.සිද්ධාර්ථ චිත්‍රපයේ ඇඳපු ඇඳුමේ ඇග ටිකක් පෙන්වා.නමුත් ඒ ඇඳුමම වාණිජ චිත්‍රපටියක ඇන්දනම් කියයි අන්න ඕෂදී බාගෙට ඇඳගෙන හිටියයි කියලා ඉතින් මම කියන්නේ ඇඳුමද රගපෑමද කියන එක නෙමේ. සමහර දේවල් තියෙනවා නරකට පේන්නේ නැතුව ඇඳුම වුනත් අසංවර විදිහට ඉදිරිපත් නොකර කරන්න පුළුවන් ක්‍රම.එකපාර මට එහෙම කොටුවක් තියෙනවා කියලා කියන්න බැ. හැබැයි ඉතින් දැන් ඉස්සරටත් වැඩ මං පරිස්සන්වෙනවා.මං අම්මා කෙනෙක් නිසා දරුවාගේ ගෞරවය රකින්න ඕනේ. සමහරවිට ඉස්සර කරපුවා උනත් දැන් නොකර ඉන්න ඉඩ තියෙනවා.
ඕෂදී ලස්සන ජනප්‍රිය නිළියක්.තරුණකාලේ ක්ෂේත්‍රයට ආපු මුල්කාලේ ආදර යෝජනා නම් ඕන තරම් එන්න ඇති. නළුවන්ගෙන් වුනත්. හැබැයි ඔබ විවාහ වෙන්න තෝරාගත්තේ නළුවෙක් නෙමේ?
ඇත්තම කිව්වොත් නළුවෙක් නෙමේ කලාවට සම්බන්ද කෙනෙක් එක්ක වුනත් විවාහ වෙන්න මගේ කැමැත්තක් තිබුනේ නැ.මමත් කලාවේ ඉන්න නිසා මට හිතුනා ඒක හරියන්නේ නැ කියලා.නමුත් ඉතින් අවසානයේ ඉරණම කාරයා හම්බවෙන්නෙත් කලවෙන්ම තමයි. විවාහ යෝජනා නම් ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් වගේම ගොඩක් ාදජඑදරි ලගෙනුත් ලැබුනා.නමුත් මං බැලුවේ මුදල්වත් මොන ක්ෂේත්‍රයේද කියලවත් නෙමේ. මට ගැලපෙනවද කියලා. මං හිතනවා මං හරි තීරණයක් ගත්තා කියලා. නළුවෙක් එක්කනම් විවාහ වෙන්නේ නැ කියලනම් එදා ඉඳන්ම මං හිතපු දෙයක්.මොකද නළුවෙක් වෙනත් අයත් එක්ක ප්‍රේම ජවනිකා කරනවා මට බලන් ඉන්න බැ. එයා මගේ සැමියා වුනොත් ඒක හරිම ආත්මාර්ථකාමී බොළඳ සිතුවිල්ලක්. ඒක
ඉතින් මගේ පුද්ගලික මතය.

එතකොට සැමියා කිව්වොත් ඔයත් පෙම් ජවනිකා කරනවා බලන් ඉන්න බැ කියලා.රගපෑමෙන් අයින් වෙනවද?
සැමියා ට මාව හම්බවෙනකොට මං නිළියක් වෙලා ඉවරයි.එතකොට එයාට කියන්
න බැනේ මට රගපාන එපා කියලා.සමහරක්විට මම රගපාන්න ඉස්සෙල්ලා එයාව හම්බවෙලා තිබුනානම් එයාට සිමා මායිම් පනවන්න පුළුවන්.එයා දැනගෙනනේ මාත් එක්ක විවාහ වෙන්නේ.ඇත්තම කිවොත් සැමියා නළුවෙක් නොවුනත් එයාටත් රගපාන්න ආරාධනා ලැබුනා. අපි විවාහවුනු මුල් කාලේ. එයාගේ චයදඑදි වගේම අපේ ඇාාසබට චයදඑදි දැකලා. නමුත් එක හෙලාම මං විරුද්ධ වුනා. එයා කැමති උනෙත් නැ කොහොමත් රගපාන්න. නමුත් එයා කැමති වුනත් මං හිතන්නේ නැ මං ඒකට ඉඩදෙයි කියලා.

කලින් අහපු ප්‍රශ්නයක් ආපහු අහන්න හිතුනා ඕෂදී.ජනප්‍රිය නළුවන්ගෙනුත් ඔයාට විවාහ යෝජනා ඇවිත් තියෙනවද?
ඕෂදීහරි අමාරු ප්‍රශ්නෙක අමාරුවේ දැමීමක් කලේ.ප්‍රේම යෝජනා ඇවිල්ලත් තියෙනවා. නැත්තෙත් නැ. මුල්ම කාලේ තරුණ කාලේ ප්‍රේමවන්තයෙක් නැති කාලේ.හැබැයි ඉතින් ඒවා ලොකු ගැටළුවක් වෙලා නැ. ඒගොල්ලෝ එක්ක තාමත් මං වැඩ කරනවා. සමහර ප්‍රේම ජවනිකා දකිද්දීත් හිතෙනවා ඇති සැබෑ ජිවිතේදීත් මේ තරම් ප්‍රේමනියද කියලා. නමුත් ඒක ්ජඑසදබ ජමඑ කියන දේ ඇතුලේ විතරයි මං තියාගන්නේ. එතනින් එහාට කවදාවත් මම ගෙනිහිල්ලත් නැ. ගෙනියන්නෙත් නැ. ඒක මහත්තයත් දන්නවා.

No comments:

Post a Comment