Full face Helmet-Banned


අලුතින් පනවා ඇති සම්පූර්ණ මුහුන වැසෙන හෙල්මට් තහනම් කිරීමේ නීතිය මොටර් බයිසිකල් ධාවනය කරන්නන්ගෙ ජීවිතය අවධානමකට ඇද දමන තත්වයකට පත්ව ඇත.

මුහුන වැසෙන වයිසරය අදුරු පැහෙ ගැන්වීම තහනම් කිරීම සදහා බොහෝ බයිසිකල් ධාවකයන් විරුද්ධතාවයක් නොදක්වයි. නමුත් මුහුනේ නිකට වැසෙන කොටස සහිත හෙල්මට් තහනම් කිරීම මගින් බයිසිකල් පදින්නන්ගේ ආරක්ශාව සම්බන්ධව බරපතල ගැටලු පැන නගින බව බයිසිකල් ධාවනය කරන බොහෝ අයගේ අදහස වේ.
උදාහරනයක් ලෙස බයිකලයක් අනතුරට ලක්වූ බොහෝ අවස්ථාවල එම පුද්ගලයා විසිවී ගොස් වැටීම හෝ කෙලින්ම ඉදිරිපස ගැටීම සිදුවීම වැලැක්විය නොහැක එම අවස්ථාවලදී සම්පූර්න මුහුන ආවරණය වෙන හෙල්මටයක් පැලද සිටීමෙන් එම අන්තුරු වලින් ධාවකායාගෙ මුහුන සහ දත් වලට වෙන අනතුරුව මග හැරී යයි. ලංකාවෙ සිදුවන බොහෝ අනතුරු වල්දී ‍යතුරු පැදි ධාවකයන් අවම හානි ලබන්නේ මෙම ෆුල් ෆෙස් නැතහොත් සම්පූර්ණ අවාරණය සහිත හෙල්මට් පැලදීම මගිනි.
යතුරු පැදියක් තබා පා පැදියක් හෝ දැක නැති බලධරයින් විසින් මෙසෙ අන්තෝනමතිකව ගෙන එනු ලබන නීතී වලින් සිදුවන්නේ මෙරට ජීවත් වෙන අහිංසක දුප්පත් මිනිසාගේ ජීවිතය තව දුරටත් අනාරක්ශිත වීම පමනි. කෝටි ගනන් වන වාහන වල සියලු වීධුරු කලු කරමින් ජාවාරම් වල යෙදෙන ඇත්තෝ ආරක්ශා කරමින් සැලියුට් ගසනා අතර එදා වේල සදහා සටන් කරන පුංචි මිනිසාගේ ජීවිතාරක්ශාව වෙනුවෙන්වත් පෙනී නොසිටින බලය ඇත්තෝ ගැන ඇත්තෙ අති මහත් වූ දුකකි.


0 comments:

Post a Comment