ඇය එහිදී මෙසේද කීවාය.
ඉදිරියේදී බස්නාහිර හා දකුණු පළාත් සභා දෙක විසුරුවනවා. ඉතින් මමත් දකුණු පළාත් සභාවට තරග කරලා ජයග්‍රහණය කරනවා වගේම දකුණේ වැඩිම මනාප ගෙන මහ ඇමැතිනිය වන්නේත් මම.
මම දැන් මන්ත්‍රිවරියක්වත් නොවේ. මම දේශපාලනයට පැමිණියේ හරි හම්බකර ගන්න නොවේ. මම හම්බකරගත්ත දේත් ජනතා සේවයට යොදවන කෙනෙක්. මට තිඛෙන දේත් නැති කර ගත්තා මිසක දේශපාලනයට ඇවිත් හම්බ කරලා නෑග. ඒ නිසා දකුණේ මහ ඇමැති වෙන්න මට පුළුවන්. ඒ සඳහා අයිතියක් තිඛෙනවා. මම ඒක වගකීමෙන් තමයි ප්‍රකාශ කරන්නේ.
පැණි හැළියටනේ කූඹි වහන්නේ. මම කාන්තාවක් නිසා ඉතින් ආකර්ෂණය වැඩියි. ජනතාව මා සමග ඉන්නවා. ඒක ඉතින් සමහර අයට දිරවගන්න අමාරු ඇති. ඒකයි ඔය එක එක කතා කියවන්නේ යයි ද ඇය පැවසුවාය.

.jpg)
0 comments:
Post a Comment