නටාෂගේ ජීවිතයට සුවිශේෂී කෙනෙක් ළං වෙලා

නිරතුරුවම නැව්ම් ගීත නිර්මාණයන් තුළින් රසිකයන් අතරට එන ගායක ගායිකාවන් මෙන්ම සෑම දිනකම ටෙලි නාට්‍ය හරහා අප හමුවන නළු නිළියන්, නිතර නිතර  කතා බහට ලක් වීම, ජනප්‍රිය චරිත බවට පත්වීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ.

අප කතාබහ කරන්නට සැරසෙන්නේ ද එවන් ජනප්‍රියත්වයක් උදා කරගත් යොවුන් නිළියක් පිළිබදව ය. ඇය අවසන් වතාවට ටෙලි නාට්‍යයකට දායක වන්නේ 2010 දීය. නිළියක් මෙන් ම සුමිහිරි නදකින් ගීත ගායනයේ යෙදෙන ඇය දක්ෂ ගායිකාවක් ලෙසත් ක්‍ෂේත්‍රයේ රැඳී සිටියි.

රංගනය, ගායනය, නිවේදනය, නර්තනය ඇතුළු ක්‍ෂේත්‍ර රැසක කුසලතා රැසක් උපතින් උරුම කරගත් මේ යොවුන් කලාකාරිය පිළිබදව තුළින් තොරතුරු ගෙන එන්නේ ද කෙටි කලකට පසුව ය. ඒ  නිසාවෙන් ම ඇගේ කලා ජීවිතය ගැන වගේම පුද්ගලික ජීවිතය පිළිබදවත් බොහෝ දේ අප සටහන් තබන්නට සිතුවා. ඇය ඔබ කවුරුත් හදුණන නටාෂා පෙරේරා ය.

නටාෂා දස්කම් රැසක් ඇති කෙනෙක්.නමුත් ඔබ ඒවා ඔපමට්ටම් කරගන්න දරන්නේ අඩු උත්සහයක් ඒ නටාෂා මේ දිනවල ඇගේ අධ්‍යාපනයට මුල් තැන දි තිඛෙන නිසාවෙනි අධ්‍යාපන වැඩ වෙනුවෙන් ම ඇය ක්‍ෂේත්‍රයේ ලැබුණු අවස්ථා ද ප්‍රතික්‍ෂේප කර තිබුණි. ඇය දැන් ඒ අධ්‍යාපනයේ අවසන් හරියට ඇවිත්. ඉන්පසුව  යළි කලා කටයුතුවලට එක්වන්න බලාපොරොත්තුවෙන් නටාෂා පසු වනවා.

ඊට පස්සේ අපට සිදුවන්නේ නීතිඥ නටාෂා පෙරේරා කියලා අමතන්නත් පුළුවන් වේවි. මොනතරම් මුරකාවල් තිබුණත් සුන්දර යුවතියකට තරුණයන්ගේ ආකර්ෂණය යොමුවන එක වළක්වන්න බැහැ. පසුගිය දින සමුදුර මාධ්‍ය හමුව හා එක් වූ නටෂා ඒ පිළිබදව පැවසුවේ,

මට වඩා අම්මට ජීවිතේ ගැන අවබෝධය තියෙනවා.කාගෙ හරි අවධානය මට යොමු වන විට මටත් කලින් ඒක වැටහෙන්නෙ අම්මට. කවුරුහරි මට එවැනි  අදහස් ප්‍රකාශ කළත් මම ඒක කියන්නෙ අම්මට, අම්මා තමයි ඒ අයට ප්‍රතිචාර දක්වන්නේ.

දෙරණ , සියත සහ චැනල් සී නාලිකාවල නිවේදන කටයුතුවල පමණක් ඈ මේ දිනවල නිරතව සිටිනවා. ඊට අමතරව ඇය මේ දිනවල අලුතින් ගීතයක් නිර්මාණය කරන්න සූදානම් වනවා.

පසුගිය කා‍ලේ මම ගීත කිහිපයකටම දායක වුණා. හැබැයි ඒ මගේ ගීත නමෛයි.වෙනත් ගායකයින්ගේ ගීතවලට යුග ගායනයෙන් එකතු වන එකයි කළේ. කාලෙකට පසුව මගේම ගීතයක් කරන්න හිතුනා. ඒ ගීතය මේ දිනවල නිර්මාණය වෙමින් පවතිනවා.  ගීතය නිර්මාණය කළාට පසුව ඒ ගැන වැඩි විස්තර කියන්නම්.

2010 දී.රිදී තාරකා ටෙලි නාට්‍යයට තමයි අන්තිමට එකතු වුණේ.ඊට පස්සේ මොකුත් කළේ නැහැ.ඒත්  ලැබුණු ආරාධනා අතරින් හොඳ නිර්මාණ එකක් විතර තෝරාගෙන කරන්නයි හිතාගෙන ඉන්නේ.

පෞද්ගලික ජීවිතේ සාමාන්‍ය විදියට ගලාගෙන යනවා තව අවුරුදු ගාණක් යනකන් ඔය කියන විදියේ පෞද්ගලික ජීවිතේ විශේෂ වෙනසක් වෙන්නෙ නැහැ.එත් පෞද්ගලික ජීවිතයට සුවිශේෂ කෙනෙක් ළංවෙලා ඉන්නවා.

0 comments:

Post a Comment