
2015 ෆේෂියා මිස් ශ්‍රී ලංකා හෙවත් ශ්‍රී ලංකා රූ රැජිණ ලෙස මෙවර තේරී පත්වුණේ මේ සුරූපිනියයි ඇය නමින් තිලිණි තාරුකා අමරසූරියයි. නිරූපණ ක්‍ෂේත‍්‍රයට අමුත්තියක නොවන ඇය වඩා ප‍්‍රකටව සිටින්නේ සුන්දර මනාලිය ලස්සන මනාලිය යන නම් වලිනි. නිරූපණ ක්‍ෂේත‍්‍රයේදී ඇය වැඩිපුර පෙනී සිටින්නේ සුන්දර මනාලියක ලෙස වීම ඊට හේතුවය.
දැන් මේ සුන්දර මනාලිය සූදානම් වන්නේ 2015 ශ්‍රී ලංකා රූ රැජින ලෙස මෙම ඔක්තෝබරයේදී චීනයේ බීජිං නුවර පැවැත්වෙන ලෝක රූ රැජින තරගයට සහභාගිවීමටයග ඒ සඳහා සූදානම් වෙමින් සිටින මොහොතක ඇය කතාබහකට එක්වුණේ මෙලෙසිනි.

‘තිලිණි’ ඔබ ගැන අප දන්නා දේට වඩා යමක් කිව්වොත්.
‘තිළිණි’ අහිංසකයි. බොරුවට අකමැතියි. අහිංසක වුණාට අහිංසක අභියෝගවලට හොඳින් මුහුණ දෙන්න පුළුවනි. මට මගේ ගැන හිතෙන්නෙ එහෙමයි.
‘තිළිණි’ අහිංසකයි. බොරුවට අකමැතියි. අහිංසක වුණාට අහිංසක අභියෝගවලට හොඳින් මුහුණ දෙන්න පුළුවනි. මට මගේ ගැන හිතෙන්නෙ එහෙමයි.
තවත් විස්තර කිව්වොත්?
ගම කිරිබත්ගොඩ. ඉගෙන ගත්තේ විහාරමහාදේවි බාලිකාවෙන්. ලග්නය වෘෂභ. වයස
අවුරුදු 20යි. උස අඩි 5යි අඟල් 6යි. සාමාන්‍ය පෙළ සමත්වූ පසු පාසලේ
අධ්‍යාපනයෙන් ඉවත් වුණේ, ෆැෂන් ඩිසයින් ගැන උපාධියකට පෙනී සිටීමටයි. නමුත්
දැනට ඒ අදහස ප‍්‍රමාද වෙලා. ශ්‍රී ලංකා රූ රැජින වූ නිසා ලෝක රූ රැජින
තරගය නියෝජනය කිරීම දැන් තියෙන ලොකුම අරමුණයි.
‘තිලිණි’ ඔබ ගැන අප දන්නා දේට වඩා යමක් කිව්වොත්.
‘තිළිණි’ අහිංසකයි. බොරුවට අකමැතියි. අහිංසක වුණාට අහිංසක අභියෝගවලට හොඳින් මුහුණ දෙන්න පුළුවනි. මට මගේ ගැන හිතෙන්නෙ එහෙමයි.
රූ රැජිනක් වෙන්න හිතුවෙ ඇයි?
ඒක ඇත්තටම කුඩා කාලයේ ඉඳලාම මට තිබුණු සිහිනයක්. මේ සිහිනය සැබෑ කරගන්න
මම එළඹුණේ 2013 දීයි. මෙම රූ රැජින තරගයේදීම එදා 6 වැනි ස්ථානය ලැබුණා.
එතකොට වයස අවුරුදු 18යි. ඉන්පසු අවුරුද්දකට පසු නැවතත් මෙවර තරගයට
ඉදිරිපත් වුණා
වතාවක් 6 වැනිදා වූ ඔබ මෙවර පළවැනියා වේවි කියලා හිතුවද?
පොඩි කාලයේ ඉඳලාම තිබුණු සිහිනයට මම ආදරය කළා. ඒ ආදරය නිසාම බලාපොරොත්තු
අත්හැරියේ නැහැ. ඇත්තටම මෙවර තේරේවි කියලා ලොකු විශ්වාසයක් තිබුණේ. නමුත්
අනෙක් තරගකාරියන් හැමෝම වගේ හරිම ලස්සනයි. ඒ නිසා පුංචි බයකුත් තිබුණා. මෙම
තරගාවලියේදී මිනි පැජන්ට් තුනකදී ජයග‍්‍රහණ ලැබුවා. එවිට ආත්ම විශ්වාසය
තවත් වැඩිවුණා.
නිරූපණය හෝ විලාසිතා අංශය ගැන තමයි හිත තිබුණේ. රූ රැජින වීම ලොකුම සිහිනයක් වුණා.
එහෙම නැහැ. නමුත් පැහැදිලි නර්තන සහ පිහිනුම් ඉසව් වලදී දක්‍ෂතා පෙන්වුවා.
ඒ නිසා පාසැලේදී පුංචි පහේ තරුවක් වී සිටියාය කිව්වොත් නිවැරදියි. පාසලෙන්
ලැබුණු අත්වැල නිසා මගේ සිහිනයට යා හැකි වුණා.
විස්තර කරන්න වචන නැති තරම්. හිතන්න කෙනෙකුට කුඩා කාලයේ ඉඳලාම තිබුණු
සිහිනයක් ඉටුවුණාම ඇතිවන හැඟීම. තවම මට හැෙඟන්නෙ මම ඒ හීනය ඇතුලෙ ඉන්නවා
වගෙයි. ඒක ඇත්තටම ජීවිතයේ ලොකුම කඩඉමක්.

මෙම ඔක්තෝබරයේ අවසානයේ චීනයට යා යුතුයි. අවසාන තරගය තිබෙන්නෙ නොවැම්බර් 19 වැනිදායි.
රටවල් 128ක සුරූපිනියක් ඊට දායක වෙනවා. ඒක ලොකුම අවස්ථාවක්. මට මගේ රටට
අඩු තරමින් අවසන් 20 දෙනා අතරටවත් එන්න ලැබුණොත් ඒක ලොකුම අභිමානයක් වේවි.
මේ දක්වා ලෝක රූ රැජින තරගයකදී ශ්‍රී ලංකාවේ සුරූපිනියකට අවසන් 20 අතරට ඒමට
ලැබුණේ නැහැ. මෙවර හෝ ඒ අවස්ථාව ලැබේවි කියා හිතනවා.
ටිකක් ආඩම්බරයි. නමුත් ඒ නිසා කාටවත් රිදවීමක් ආඩම්බරතාවක් නොවෙයි.
ඉල්ලීම් නම් බොහෝම තමයි නමුත් වැඩක් වෙන්නේ නැහැ.
විවාහ වන කෙනාට බහදීලා ඉවරයි. මෙම රූ රැුජින තරගයේදී විටෙක ආ අභියෝග හමුවේ
මම පසු බෑ අවස්ථාවලදී මගේ අම්මා, තාත්තා, අයියා, සහ එයාත් ගොඩක් ශක්තියක්
වුණා.

ජැකලීන් ෆර්නැන්ඩස්.
ආරාධනා ලැබුණා නමුත් මම රඟපෑමට එන එකක් නැහැ. නිවේදනය සහ නිරූපණය පමණක් කරාවි.
කාන්තාවකට තම හැසිරීම යහපත් විය යුතුමයි. ඒ වගේම ඇය බුද්ධිමත් විය යුතුයි.
අභියෝගවලට නොසැලී මුහුණදීමට වාගේම ඕනෑම කෙනෙක් එක්ක සුහදව සිටීම වැදගත්.
සංගීතා වීරරත්න මහත්මිය අන්න ඒ වගේ චරිතයක්. ඇය ඇත්තටම කාන්තාවකට වගේම
විශේෂයෙන්ම තරුණියක් වන අපට හොඳ මාර්ගෝපදෙශිකාවක්. ඒ ගැන කියන්නම ඕනෑ.
No comments:
Post a Comment