ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තරුණියක වන එවන්ජලීන් ෆ්රාන්සියා එල්ක්මනර්, බ්‍රිතාන්‍යයේ (Miss Elegance) හෙවත් 'රූප සුන්දරියක' ලෙසින් කිරුළු පළඳා තිබෙනවා
පසුගියදා බර්මින්හැම් නුවර පැවැත්වුණු රූප රාජිනී තරගයකදී 'රූප සුන්දරිය' ලෙස තේරී පත්වූ ඇය, එහිදීම පැවැත්වුණු 'බ්‍රිතාන්‍යයේ යොවුන් කුමාරිය'(Miss Junior Teen Great Britain 2015) තරඟයෙන් තුන් වැනි ස්ථානයටද තේරී පත් වී තිබෙනවා. වරක් ඇය සිංහල අවුරුදු කුමරියක ලෙසද කිරුළු පැළඳ තිබෙනවා.
එවන්ජලීන් ෆ්රාන්සියා එල්ක්මනර්, ගාල්ලේ සිට පැමිණ බ්‍රිතාන්‍යයේ පදිංචි වී සිටින ශාන්ති රාජකරුණා සහ මඩකලපුවේ පදිංචිව සිටි ගීවරාජු එරාජ්සිංහම් එල්ක්මනර් ගේ දියණියයි. එවන්ජලීන් උපත ලබා තිබෙන්නේ ප්‍රංශයේදී. තරගයෙන් ජය ගැනීමෙන් අනතුරුව ඇය "මම උපන්නේ ප්‍රංශයේ වුනත් බ්‍රිතාන්‍ය පුරවැසියෙක් වුනත් මගේ හදවත තියෙන්නේ ලංකාවේ," යනුවෙන්ද පවසා තිබෙනවා.





0 comments:
Post a Comment