
ඉදිරියේදී පැවැත්වීමට නියමිත බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී,ජනප්‍රිය නිලියක් වන ගයේෂා පෙරේරා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කිරීමට නියමිත බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් වාර්තාවේ.
ගොසිප් ලංකා නිව්ස් වෙබ් අඩවිය සමග පැවති සාකච්ජාවකදී ද දේශපාලනයට එක්වන බව ඇය අනාවරණය කර ඇත.
වර්තමානයේ සිටින කාන්තා නියෝජිතයින් මෙන් බොරු දේශපාලනයක් කිරීමට තමා සුදානම් නොමැති බවත්, කොන්ද කෙලින් තියන නායකයෙක් සමග දුක්විඳින කාත්තාවන්ගේ අසිපත තමන් අතට ගන්න බවත් ගයේෂා පවසන්නීය.
මම මේ රටේ නායකයාව ඉහමුදුනින් පිළිගන්න කෙනෙක් කරල තියනවනම් කරල තියෙන්නේ ඔහු වෙනුවෙන් කරපු දේවල්.යුදහමුදාවේ වැඩසටහන් රණවිරු නිවස හදන වැඩසටහන් වෙනුවෙන් මම වේදිකාවේ නැගල කතා කරල තියනවා. මං ඒවගේ නිර්භීත නිළියක්.
මං අසාධාරණයට ලක්වෙච්ච කාන්තාවන් වෙනුවෙන් කථා කරන්න ඉදිරියට එනවා.
හැබැයි දේශපාලනයේදී නම් මට මේ රටේ මන්ත්‍රී හොඳත් නෑ,ඇමති හොඳත් නෑ. මට හොඳ මේ රටේ ජනතාව විතරයි. ඒ ගැන තීරණයක් මං ළ`ග දීම ගන්නවා. හැබැයි දැන් ඉන්න කාන්තා නියෝජිතවරියො වගේ බොරු දේශපාලනයක් කරන්න ලෑස්තිවෙන්නෑ.කොන්ද කෙලින් තියන නායකයෙක් එක්ක දුක්විඳින කාත්තාවන්ගේ අසිපත අරන් තමයි ගයේෂා ඉදිරියට එන්නෙ. යයි ඇය එහිදී සඳහන් කර තිබේ.
0 comments:
Post a Comment