අපි විවාහ වෙන්න සිටිද්දී එයා වෙන කෙනෙක් එක්ක යාළු වුණා - ගයාත්‍රි රාජපක්ෂ

පේ‍්‍රමයේ දී විවිධ ප්‍රාර්ථනා රැසකි.ඒ ප්‍රාර්ථනා හිමිවීම මෙන්ම අහිමි වීම ද සිදුවිය හැකිය.මේ හිමි අහිමිවීම් සියල්ලන්ටම පොදුය. ඔබ හද දිනූ තරු ද ඒ හිමි අහිමිවීම් අතර සිටී. සිය සිත රැඳී ප්‍රථම ආදරය පිළිබඳ සිහිපත් කරන මේ විශේෂාංගයෙහි දී සිය ප්‍රථම ප්‍රේමයෙහි අහිමි වීම පිළිබඳ කතාබහ කරන්නට මෙවර සභභාගි වන්නේ ගයත්‍රි රාජපක්ෂ ය.

ඔබගේ ප්‍රේමවන්තයාගේ නම කුමක් ද?
මධුශංක පනන්වෙල

ඔහු ඔබට මුණ ගැසෙන්නේ ?
යෝජනාවකින්.

ඒ කියන්නේ මීට පෙර ඔබ ප්‍රේම කළ කෙනෙක් නොවෙයි කියල ද ඔය කියන්නේ ?
අපෝ නෑ. මා පේ‍්‍රම කළා.

ඒ කාට ද ?
එයා සමීර

සමීර කවුද ?
ඒ නම විතරක් කිව්වට පස්සේ ඇති.

ඔබගෙත් ඔහුගෙත් හමුවීම සිදුවන්නේ ?
පාසල් කාලයේ දී

ඔබගේ ප්‍රථම ප්‍රේමය පාසල් පේ‍්‍රමයක් ?
ඔහු මට ඒ කාලයේ දී ආදරය කළාට මම ඔහුට ආදරය කළේ නැහැ.

එහෙම නම් ඔබ ඔහුට ආදරය කළේ කොයි කාලයේ ද?
ඊට අවුරුදු කිහිපයකට පස්සේ.

කොහේදී ද ?
නාවල ඕපන් යුනිවසිටි එකේදී.

විවෘත විශ්වවිද්‍යාලයේ ඔබ මොනවද කළේ ?
මම කම්පියුටර් ඉංජිනියරින් කළා.

ඔහුත් එහි ආවා ?
මම එහි එනකොට ඔහුත් එහි සිටියා.

ඔහු ඔබට වඩා සීනියර් බැච් එකේ ?
ඔව්.

එදා පටන් ආදරය අලුත් වුණා ?
එහෙම නෙවෙයි.

එහෙම නම් ?
මුලදි අපි කතා බහ කළා.

ඊට පස්සේ ?
ගිය අලුත මට කිසිම යහළුවෙක් හිටියේ නැහැ. ඒ මම විශ්ව විද්‍යාලයට අලුත් නිසා.

ඔයා තනියම හිටියා ?
ගොඩක් වෙලාවට ගල් බංකුවට වෙලා මම හිටියේ තනියම.

එතනට ඔහු පැමිණියා ?
මාව ඔහු දැක්කේ එතනදී.

ඇවිත් කතා කළා ?
ඔව්. මටත් ඉතිං යාළුවෙක් හිටියේ නැති නිසා මමත් කතා කළා.

එහෙමයි ආදරය අලුත් වුණේ ?
මුලින්ම නම් එහෙම අදහසක් මගේ හිතේ තිබුණේ නැහැ.

එහෙම නම් ?
අපි එකම ප්‍රදෙශයේ නිසා ආවේ ගියේ එකටමයි. කැම්පස් එකේදිත් නිතර නිතර මුණ ගැසුණා.

ඒ අතරෙදියි ආදරය ඇති වුණේ ?
ඔහු ඒ වනවිටත් මා පිළිබඳ අදහස සිතින් අත හැරලා තිබුණේ නෑ. නැවතත් පාසල් කාලයේ ඒ යෝජනාව ඔහු මට ඉදිරිපත් කළා.

ඔබ ප්‍රතික්ෂේප කළේ නැහැ ?
ඔව්. මට මතකයි ඔහු මට ආදරෙයි කියලා කිව්වේ කෝච්චියේ දී.

එදා ඔබ ඔහුට ආදරෙයි කිව්වා ?
මම ඒ යෝජනාව ගැන මුලින්ම ඇවිත් කිව්වේ අම්මාට.

අම්මා මොකද කිව්වේ ?
අම්මා ඒ ගැන වැඩිදුර හොයලා බැලුවා.

ඒ කියන්නේ ?
අපි දෙන්නාම හිටියේ විවාහ විය යුතු වයසේ නිසා දෙපැත්තෙන්ම ඒ ගැන කතාබහ කළා.

ඔබට සමීරගෙ පාර්ශවයෙන් කැමති වුණා ද ?
ඔව් අපි දෙන්නගේ ආදරයට දෙපැත්තෙන්ම ආශිර්වාදය හිමිවුණා.

ඒ ආදරය කොහොම ද ඈත් වුණේ ?
ඒක මට අදටත් හිතා ගන්න බෑ.

කාගෙද වරද?
වරද එයාගේ.

වරද පටන් ගත්තේ කෙහොමද?
අපි ඉගෙන ගන්න ගමන්ම ජොබ් කළා. ඒ නිසා ඔහුට ජොබ් එක ලැබුණේ ඈත පළාතකට. ඔහු එහි ගියා.

එතැන ද වරදේ ආරම්භය ?
මුල් කාලයේ දී නම් එහෙම වෙනසක් එයාගේ තිබුණේ නැහැ.

වෙනස් වුණේ ?
කාලයක් යද්දි ඔහු ගැන විවිධ කටකතා මට ආරංචි වුණා.

ඒවා ඇත්ත ද?
මම මුලින්ම නම් ඒවා පිළි ගත්තේ නැහැ. ඒත් සොයලා බලන්න අමතක කළේ නැහැ.

මොනවද හෙළි වුණේ ?
ඔහු වෙන කෙනෙක් සමග ආදර සම්බන්ධයක් ආරම්භ කරලා කියලා.

ඔබට මොකද සිතුණේ ?
මට මං ගැන ගොඩක් දුක සිතුණා.මාව විවාහ කර ගන්න සිටිද්දිත් ඔහු එහෙම කළා නම්, ඔහු ගැන කොහොමද මම විශ්වාස කරන්නේ කියලා මට හිතුණා.

ඔහුගෙන් ඔබ මේ පිළිබඳ ඇසුවා ද?
ඔව්.

මොකද කිව්වේ ?
අවසානයෙහි ඔහුගේ වරද ඔහුම පිළි ගත්තා.

ඔබ ඔහුට සමාව දුන්නද ?
මේ ප්‍රශ්නය උඩ ඔහු පිළිබඳ මගේ සිතේ තිබුණු ආදරය ඈත් වෙන්න පටන් ගෙනයි තිබුණේ.

ඒ කියන්නේ ඔබ ඔහුට සමාව දුන්නේ නෑ ?
කොහොම වුණත් ඔහු පිළිබඳ තිබුණ ආදර සිත බිඳුණා.

ඔබ ඔහුට ඒක කිව්ව ද ?
ඔව්.මම ඒ කාලයේ ඉඳලාම හිතාලා තිබුණේ පළමු ආදරය අවසාන විය යුත්තේ විවාහයෙන් කියලයි.පිරිමි ළමයකුට ගැහැනු ළමයි කිහිපදෙනෙකුටම ආදරය කරන්න බැහැනේ.හැම දේකම පිළිවෙළක් තිබිය යුතුයි නේ.

ඒ පිළිවෙළ කඩවුණා ?
ඒක මගේ වරදක් නෙවෙයි. මේ ප්‍රශ්නය නිසා ඔහු පිළිබඳ මගේ සිතේ ඇඳිලා තිබුණු ප්‍රතිරූපය බිඳුණා.

ඔබ ඔහුගෙන් සමු ගත්තා ?
මේ ගැන එයාගේ අම්මත්,තාත්තත් ඇවිත් කතා කළා.ඒත් මම නැවතත් ඒ සම්බන්ධය ආරම්භ කරන්න කැමැති වුණේ නැහැ. කතාබහ කරලා වෙන්වුණා.

වරදට සමාව දීම දේවගතියක් නේ ?
ඒ වගේ වරදකට සමාව දුන්නත් ඒ වරද ඔහු නැවත නැවත කරන්න පුථවන්.

ඔහු දැන් විවාහක ද?
ඔව්.

ඔහුගේ විවාහ උත්සවයට ඔබටත් ආරාධනා ලැබුණා ද ?
අපෝ නෑ. මට ආරාධනා කළේ නෑ.

ආරාධනා කළා නම් ඔබ යනවා ?
ඔව්. මගේ නෙවෙයි නේ වරද.

ඊට පස්සේ ඔහු මුණ ගැසුණා ද ?
ඒත් නෑ.

දැන්කෙනා ගොඩක් හොඳ ද?
ඔව්.ඔහු ඉන්නේ විදේශ ගතවෙලා.මට ගොඩක් ආදරෙයි.මගේ රංගන කටයුතුවලට වුණත් ඔහුගෙන් ලැඛෙන්නේ හොඳ සහයෝගයක්. ලබන වසරේ දි අපි විවාහ වෙන්නයි ඉන්නේ.

0 comments:

Post a Comment