Nov 19, 2013

ඔක්කොම කටකතා බොරු මට ඉගිල්ලෙන්න මාළුවෝ චිත්‍රපටියේ රගපෑවට ලැබුණේ රුපියල් තිස්දාහයි - ගයේෂා (video)

ඉගිළෙන මාළුවෝ චිත්‍රපටය මේවනවිට ආරක්ෂක අංශ සම්බන්ධ හේතූන් මත ලංකාවේ තහනමට ලක්වූ නිර්මාණයකි. එහි කතා තේමාවට වඩා ආන්දෝලනයක් ඇතිකළේ චිත්‍රපට නිළි ගයේෂා පෙරේරාගේ නිරුවත් රංගනයයි.පාළු ස්ථානයක ඇයව දූෂණයට ලක්වන ආකාරය චිත්‍රපටයේ තත්පර කිහිපයක් තුළ නිරූපණය වුවත් අන්තර්ජාලයේ එහි දීර්ඝ ජවනිකාවක ක්ලිප් එකක් ප්‍රචලිතවී තිඛෙනවා වැඩිහිටියන්ට වඩාත් සුදුසු වූ මෙවැනි ජවනිකාවක සිංහල චිත්‍රපට නිළියක සිටීම විරලවූ නිසාම ගයේෂාට පසුගිය කාලයේ මඩ ප්‍රහාර එල්ල වුණා.

ඇය අභියෝගාත්මකව නිරූපණය කළ එම චරිතය ගැන ඇය ප්‍රසිද්ධියේ කථාකිරීමට පවා අකමැතිවූ අතර ඔව් මං නේකඩ් සීන්ස් ඇක්ට් කළා තමයි කියමින් සිරස නාලිකාව සමග තිබුණ කතාබහකදී පමණක් කෙටියෙන් කථාකර තිබුණා.

එහෙත් ඇයට ඇත්තටම මේ ගැන කියන්න තියෙන්නේ මොනවාද? 
ඇය ප්‍රථම වරට මේ ගැන විශේෂ සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් සියලූ කරුණු අනාවරණය කර තිඛෙනවා.

මේ ගැන කථා කරන්නට ඇය මේතාක් අදිමදි කළේ නීතිමය ප්‍රශ්න තිඛෙන නිසා බව ඇය කියනවා. ඇය කියා සිටින්නේ රුපියල් තිස් දහසක් වැනි මුදලකට තමා එහි ර`ගපෑ බවත් නිර්මාණයේ අධ්‍යක්ෂවරයාට උදව්වක් ලෙස දුෂ්කරතා විඳ සිදු කළ ර`ගපෑමෙන් පසු එල්ලවූ සියලූ අපවාද හමුවේ තමා තනිකර දමා ඇති බවත්ය. ඉදිරියට මෙවැනි නිර්මාණ කිසිවක් බාර ගන්නේ නැති බව කියන ඇය කාන්තාවන් වෙනුවෙන් ඉදිරියට දේශපාලනයට එන්නට සූදානම් බවද අප සමග හෙළි කළා.

ඔබ මේ ගැන මාධ්‍ය සමග කතා කරන්න බය ඇයි?
අපි නීතියට ගරු කරන්න ඕනනේ. රටේ මාධ්‍ය කරුවන් නොදන්න ඉතිහාසයක් මේක බෑන් වුණායින් පස්සේ තියනවා. ඒකට වගකීමෙන් යුතුව එහි නිළියක් විදිහට මුහුණ දෙන්න සිදුවුණා. මං මෙච්චරකල් කටවහගෙන හිටියෙ කිසිම මීඩියා එකකට බයේ නෙමේ හැබැයි මේ රටේ නීතියක් තියනවා ඒ නිසා පරීක්ෂණයක් තියෙනවා.

මං අද කට අරින්නේ හැමෝම එකතුවෙලා මගේ පෞද්ගලිකත්වය විනාශ කරන පෞද්ගලිකත්වය විකුණන් කන හින්දා.මට එහෙම වැටෙන්න අවශ්‍යතාවයක් තිබ්ඛෙත් නෑ.මට හොඳට කොන්ද පණතියන මනුස්සයෙක්. මං හොඳ යකඩ ගැහැණියක්. මට පහර එල්ල කරද්දි රිදෙන්නෙ මට නෙමේ පහර එල්ල කරන කෙනාටයි. මං හැම තිස්සෙම මගේ ප්‍රතිපත්තිවල ඉඳල කටයුතු කරන මනුස්සයෙක්.ඒ නිසා මං මේ ගැන වොරි වෙන්නෙ නැ. අනෙක් එක පාලනයක් නැති වෙබ් සයිට් ගැන මට හරි දුකයි ඒවට පාලනයක් හරි වැඩපිළිවෙලක් තියෙන්න ඕන.

එදා ඔබ සිරස වැඩසටහනේ මේ ගැන යමක් කියන්න ගියා. ඒත් පස්සේ එම සාකච්ඡාව වෙබ් අඩවිවල ගියාට පස්සෙ කණ්ස්සල්ලෙන් ඉවත්කරන්න කියල ඉල්ලා හිටියා?
සිරස නාලිකාවෙන් ඉදිරිපත් කළ රෙඩ් කාපට් කියන වැඩසටහන මීට කලින් බලල තිබ්බ වැඩසටහනක් නෙමෙයි. සිරස ප්‍රෝගෑම් එකක් කිව්වහම මං ඒක අහන්නෙත් නැතිව එතැන්ට ගියායින් පස්සේ ඒ ගොල්ලො ප්‍රශ්න වෙනම අරගෙන උත්තර වෙනම ගත්තෙ මගෙන් තනියම..මට ප්‍රශ්නයක් ඇතිවුණා.මෙහෙම ඇයි ගන්නෙ කියලා. ඒත් මං කිසිම ප්‍රශ්නයක් මග අරින කෙනෙක් නෙමේ හින්දා පෙර සූදානමක් නැතිවම ඒ ගැන කතා කළා. මට කට අරින්න කියල ගොඩක් වෙබ් සයිට් වල ගහල තිබුණා. මට මතකයි. මට සිරසින් කිව්වෙ ෆ්ලයින් ෆිෂ් ගැන කතා කරන්න නෙමෙයි දැන් මේ චිත්‍රපටය සම්පූර්ණයෙන් බලපු කෙනෙක් මේ කතා කියන්නෑ කියල මං තරයේම විශ්වාස කරනවා.

ඔබව වැරදි කාරයෙක් කරන්න සමාජය සහ මාධ්‍ය උත්සාහ දැරුව කියලද කියන්නේ?
මේ චරිතයෙන් දූෂණයට හා අසාධාරණයට ලක්වූ තරුණ ගෑනු ළමයෙක් ගැන කතා වෙන්නේ.ඒ දූෂණයට ලක්වන අවස්ථාව ගැන සමාජයේම කුහක පිරිමින් හා මාධ්‍ය දැකපු විදිය කමා මෙයින් පෙනී ගියේ.ඒ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරන්න මට උවමනා වුණා මිසක් එහෙම දෙයක් පෙන්වමින් ඒ දේවල් කරන්න සංස්කෘතිය පිරිහෙන්නට අනුබල ලබාදීමක් වත් මං අතින් සිද්ධ වුනේ නෑ.

නේකඩ් සීන් එකක් තියනව කියල පිටපතේ දැක්කම ර`ගපාන්න අකමැත්තක් ඇතිවුනේ නැද්ද?
ඇත්තෙන්ම සම්පත් ජයවීර කියන ඒ මාත් එක්ක ර`ගපෑ නළුවා තමයි අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාරව මට අඳුන්වලා දුන්නේ.පසුව කෞෂල්‍යා ප්‍රනාන්දු ඇතුළු එහි ර`ගපෑ අනෙක් නළු නිළියන් මේ චරිතය ගැන මා එක්ක ඉහළින් කතා කළා. එහෙම පවසද්දි මට මේක ප්‍රතික්ෂේප කරන්න ප්‍රශ්නයක් මතුවුන්නෑ. මුලින්ම මං කිසියම් හේතුවක් උඩ ප්‍රතික්ෂේප කළා.ඒත් දෙවනුව නළු නිළියන්ගේ පැහැදිලි කිරීම හා ඉල්ලීම මත මං එයට ඉදිරිපත් වුණා.

චිත්‍රපටය එළියට ආවම ර`ගපෑම ගැන කණගාටුවුනාද?
මේක මනුෂ්‍යයෙකුට පණිවිඩයක් දෙන චරිතයක් ලෙස සලකල මං ඒක ර`ගපාන්න ඉදිරිපත් වුනේ.ඒත් පසුකාලීනව මේක ගැන ප්‍රශ්න ඇතිවුනාට පස්සේ මා එක්ක ර`ගපෑ සම්පත් ජයවීරවත් කෞෂල්‍යා ප්‍රනාන්දුවත් අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාරවත් අපවාදයට ලක්වුනේ නෑ. අපවාදයට ලක්වුනේ ගයේෂා පෙරේරා. සමහරුන්ට තිබුණ කොන්ද පණනැති දෙයක්ද දන්නෙ නෑ අන්තිමට අහුවුනේ මාව.

චිත්‍රපටයේ තියෙන ලිංගික දර්ශනය සංස්කරණය කරපු බොහොම කෙටි එකක්.ඒත් අන්තර්ජාල ක්ලිප් එක ඊට වෙනස් ඒක වුනේ කොහොමද?
මේ අධ්‍යක්ෂවරයා කලින් පවසා තිබුනේ මේ සීන්ස් නැතිව ඒවා සෙන්සර් කරලා තමා ලංකාවෙ ඛෙදා හරින්නෙ කියලා. නමුත් පසුකාලීනව ලංකාවේ විදේශ චිත්‍රපට උළෙලක් තිබිල මේකේ කොපි එකක් දර්ශනය කළා.ඒ දර්ශනවාරය සමග මීඩියා වලට චිත්‍රපටයේ කොපි ඛෙදල තිබුණා.ඒවා 1000 ක් විතර එදා ඛෙදල තිබුණා.ඒ එක්ක තමයි මේ සෙක්ස් දර්ශනය විතරක් කපලා තිබුනේ. ඒක අපි චිත්‍රපටයෙන් දකින සංස්කරණය කරපු සෙක්ස් දර්ශනය නෙමෙයි. සම්පූර්ණ දිගු වේලාවක් තියන ඒ දර්ශනය ඩබල් ටි්‍රපල් කරලා එඩිට් කරල තිබුණා. එතනින් එහා දර්ශනත් ඒකෙ අඩංගු වුණා.
ඔබ රගපාද්දි ඇති කරගත්ත ගිවිසුමත් එක්ක එහෙම කරපු එක හරිද?
මේක ගැන හොඳම උත්තරේ දෙන්න පුළුවන් අධ්‍යක්ෂවරයාටයි.මං කියන්නේ ඔහු කොරියාවට වෙලා ඉනනෙ නැතිව ලංකාවට ඇවිල්ල මේ දේවල් වලට උත්තර දෙන්න කියලා.මේක විශ්වාසය මත කරපු චිත්‍රපටයක් සංජීව මං හමුවෙන්න ඇවිත් කථා කරලා කිව්වෙ ඔහුට උදව්වක් කරන ලෙස ඔහුගේ ජීවිත කතාව කියල දුක්ගැනවිලි කියලා.උදව් කරන්න කිව්වා.හැබැයි අද මට මඩ වදිද්දි සංජීවගෙන් මට එක තත්පරයකවත් සැනසීමක් ලැඛෙන්නෙ නෑ. ඒක මනුෂ්‍ය ගතිය නෙමේ. මෙහෙම වුණාම මේවගේ කැපකිරීම් කරන්න වෙනත් නිළියො ඉදිරියටවත් ඉදිරිපත් වෙන එකක් නෑ.

සමහර කථා පැතිරුණා ඔබට මිලියන ගාණක් සල්ලි ලැබුණ නිසයි නේකඩ් සීන් වල ර`ගපෑවෙ කියලා?
මේ චිත්‍රපටයටම වියදම් කරල තිබුනේ ලක්ෂ 25යි.නළු නිළියන්ට ඛෙදාහැරියෙ ලක්ෂ 3 කටත් වැඩිය අඩු ප්‍රමාණයක්.මට ලැබිල තියෙන්නෙ රුපියල් තිස්දාහක මුදලක් විතරයි.සංජීව පුෂ්පකුමාරට මේ සම්බන්ධව අපරාධ විර්ශනයක් කෙරෙනවා. ඔවුන් ළගත් මේකෙ පේශීට් තියනවා. ඒක කාටවත් බොරු කරන්න බෑ. මං වැඩියගත්ත කියල කාටවත් කියන්න බෑ. මං දෙවාරෙකට ගත්ත 15000 ගානේ පේෂීට් දෙකක් එහි තියනවා.

ලක්ෂ 25ක් කියන්නේ චිත්‍රපටයක් නිර්මාණය කිරීමකදී ඉතාම සුළු මුදලක්?
මේ රූගත කිරීම් වලට අපි ත්‍රීකුණාමලේට ගියේ කෝච්චියේ ටිකට් බුක් කරලා.මේකට නළු නිළියන්ට වාහනයක්වත් ඇරේන්ජ් කරල තිබ්ඛෙ නෑ.ඒ විදිහට කටු කාලා අපි සංජීව පුෂ්පකුමාරට කරල දුන්නාම ලැබුණ තෑග්ග නම් හරිම අපූරුයි.

චිත්‍රපටයේ රගපානවට ඔබේ කවුරුත් දන්න පෙම්වතා හසන්ජිත් විරුද්ධ වුණාද?
ඇත්තටම මගේ පෙම්වතා ඒ කාලෙ හිටියෙ නෑ.මේ චිත්‍රපටය රූගත කළේ මීට අවුරුදු 4 කට විතර කලින් 2009 විතර.ඇත්තටම මං මගේ වෘත්තීය ජීවිතය හා පුද්ගලික ජීවිතය ගාවගන්නෙ නෑ.මං හොඳ දෙයක් කරනව කියන අදහසින් මේක කළේ.මේ දක්වා කිසිම නිලියක් මං වගේ එවැනි රගපෑමකට ආවෙ නෑ.මේ දක්වා එවැනි රගපෑම් කරල තිබුණ අය වුණත් ඒ අයිඩියා එකක් ඇතිව නෙමේ.මේක ඒවා වගේ හුළගේ පාවෙන චරිතයක් නෙමේ.මේකේ අයිඩියා එකක් තියනවා මොනවගේ සබ්ජෙක්ට් එකක්ද කියන්නෙ කියන එක බලන අයට තේරෙනවා.

දැන් මේක තහනම් කරල තියෙන්නෙ ඇයි?
අධ්‍යක්ෂවරයාට ප්‍රශ්නයක් තියෙන්නේ.මේ චිත්‍රපටය සඳහා භාවිතයට ගත්ත යුදහමුදා නිල ඇඳුම් වාහන ගත්ත ගිවිසුම සම්බන්ධ ගැටලූවක් තියෙන්නේ. ඒවා අනිසි ලෙස භාවිතා කර නිපදවීම තමයි බෑන් කරන්න හේතුව.

නේකඩ් දර්ශන නිසා සමාජයේ අය දක්වපු ප්‍රතිචාර කොහොමද?
මේක මේ වෙනකොට ඩවුන් ලෝඩ් කරල තියනව 60000ක් 70000ක් විතර ඒත් මේ විදිහට බලපු අයගෙන් දවසකට මට ෆේස්බුක් එකේ විරුද්ධව මැසේජ් කරල තියෙන්නේ එක්කෙනෙක් දෙන්නෙක් විතරයි මට ඒකෙන් තේරෙන්නේ ගයේෂා කරපු දේ හරි කියල හිතන පිරිස වැඩියි කියල.ඒ නිසා මේ මුළු චිත්‍රපටයම හොඳින් බලන්නත් අන්තර්ජාලයෙන් හැකියාවක් ලැබිල තියන එක හොඳයි.

ඔබේ රගපෑම අගය කරපු අය ඉන්නවද?
මං කරපු දේ අද ඉන්න කිසිම නිළියකට කරන්න බෑ.මගේ රංගනය විශිෂ්ටයි කියල මේ රටේ ඉන්න විශිෂ්ට රංගන ශිල්පීන් පවා කථා කරල කියල තියනවා.මම මගේ රංගනය ගැන ආඩම්බර වෙනවා.මට තියන ධෛර්යය මේ රටේ හැම ගැහැණියකටම තිබ්බ නම් අද සමාජයේ දුක්බර කතන්දර අහන්න වෙන්නෙ නෑ.

ඉදිරියටත් මේවගේ නේකඩ් දර්ශන තියන පිටපතක් ලැබුණොත් බාරගන්නවද?
දැන් නම් මට මේ චිත්‍රපටය තියා සම්භාව්‍ය චිත්‍රපට හැම එකක් ගැනම එපා වෙලා. සංජීව ගෙන් ලැබුණ අත්දැකීමත් එක්ක ජීවිතේ එපා වන තරමට අර්ථකථනයක් ලැබිල තියෙන්නේ.ඔහු වැනි කෙනෙක් මෙවැනි දෙයක් දුන්න නම් රටේ ඉන්න අනෙක් අධ්‍යක්ෂවරු අනෙක් නළු නිලියන්ට කොහොම කරාවිද කියල මං හිතන්නේ. එහෙම ලොකු බයක් එක්ක තමයි මං ජීවත් වෙන්නේ. මීට පස්සෙ නම් සාම්භාව්‍ය හෝ කාන්තා හෝ පීඩිත පන්තිය හෝ චිත්‍රපටයක ර`ගපාන්න මගේ කිසිම අදහසක් නෑ.ඒත් මං කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී හිටිනවා.ඒක වෙනත් ආකාරයකින් වෙන්න පුළුවන්

ඒ කියන්නේ ඔබ දේශපාලනයට එනව කියන අදහසද?
මම මේ රටේ නායකයාව ඉහමුදුනින් පිළිගන්න කෙනෙක් කරල තියනවනම් කරල තියෙන්නේ ඔහු වෙනුවෙන් කරපු දේවල් යුදහමුදාවේ වැඩසටහන් රණවිරු නිවස හදන වැඩසටහන් වෙනුවෙන් මම වේදිකාවේ නැගල කතා කරල තියනවා.මං ඒවගේ නිර්භීත නිළියක්.මං අසාධාරණයට ලක්වෙච්ච කාන්තාවන් වෙනුවෙන් කථා කරන්න ඉදිරියට එනවා.හැබැයි දේශපාලනයේදී නම් මට මේ රටේ මන්ත්‍රී හොඳත් නෑ ඇමති හොඳත් නෑ මට හොඳ මේ රටේ ජනතාව විතරයි. ඒ ගැන තීරණයක් මං ළගදීම ගන්නවා. හැබැයි දැන් ඉන්න කාන්තා නියෝජිතවරියො වගේ බොරු දේශපාලනයක් කරන්න ලෑස්තිවෙන්නෑ.කොන්ද කෙලින් තියන නායකයෙක් එක්ක දුක්විඳින කාත්තාවන්ගේ අසිපත අරන් තමයි ගයේෂා ඉදිරියට එන්නෙ.

මේ සම්මුඛ සාකච්ඡාවේ හඩපටය පහතින්

උපුටා ගැනීම - ගොසිප් ලංකා නිවුස්

No comments:

Post a Comment