රූගත කිරීම් අතරතුර දියේ ගිලෙන්නට ගිය තිසුරි අනූනවයෙන් බේරේ

සුසන්තා චන්ද්‍රමාලිගේ දියණිය තිසුරි යුවනිකා පසුගිය දා පැවති සුමති ටෙලි සම්මාන උළෙලේ දී නැගී එන නිළියට හිමි සම්මානයත් දිනූ ජනප්‍රිය නිළියක්.

තිසුරි මේ දනවල ර`ගපාන මහිංසා ටෙලි නාට්‍යයේ ඇය මහිංසා ගේ ප්‍රධාන චරිතයට පණ පොවද්දි පසුගියදා අකරතැබ්බයකට මුහුණපෑවා.

එහි එක දර්ශනයක ගගක මිනියක් පාවෙනවා. මිනිය තිසුරිගේ.

මේ දර්ශනයට තිසුරිව ලෑල්ලක තියලා ගෙග් පා කළා. ටික දුරක් එහෙම යනකොට එකපාරටම වතුරපාර සැරවෙලා ලෑල්ල පෙරලිලා තිසුරි වතුරට වැටිලා ගහගෙන යන්න වුණා. එදා එතැන හිටිය තිසුරිගෙ තාත්තයි, තව කිහිප දෙනෙකුයි වතුරට පැන්නත් ඇයව අල්ල ගන්න නම් බැරිව ගිහින්. මාව බේර ගන්නෝ’ කියලා හයියෙන් කෑගැහුවත් මේ කාටවත් තිසුරි ළගට යන්න අමාරු වෙලා. ඒත් කෑගහන අතරේ ගහක අත්තක් පාවෙනව දැකලා. තිසුරි ඒක අල්ලගෙන. ඇගේ දිවිය බේරී ඇත්තේ ඒ අත්ත අල්ලන් ඇය ගොඩට එන්න හැකිවුණ නිසයි.

අත්තෙ එල්ලිලා ටික දුරක් යනකොට ගල් දෙකක් අතරේ එය හිර වුණා. කට්ටියම ඇවිත් තිසුරිව ගොඩට ගත්තා. තිසුරිගෙ වාසනාවට එදා ඒ අත්ත ආවෙ නැත්නම් අද තිසුරි කෙනෙක් නෑ. මොකද මට පීනන්න බෑ. තිසුරි ඒ ගැන කියා සිටියා.

0 comments:

Post a Comment