කැලූම් පබා එක්ක අලූත් ගණුදෙනුවක

ජනප්‍රිය ටෙලි අධ්‍යක්ෂවරයෙක් වන කැලුම් පාලිත මහීරත්න, උපේක්ෂා ස්වර්ණමාලි හෙවත් පබා සමග ගණුදෙනුවක් ආරම්භකර ඇතැයි වාර්තා වේ.

ඔහු මෙසේ පබා සමග අලුත් ගණදෙනුව ආරම්භකර ඇත්තේ ඔහුගේ අලුත්ම ටෙලියවන ස්නේහා හි වැඩ අල්ලමිනි. ස්නේහා ටෙලියේ මුහුරත් උළෙල අද (28) පෙරවරුවේදී කොට්ටාවේදී පැවැත්විනි.

මෙම ටෙලිය කොටස් 300කට වඩා වැඩි ප්‍රමාණයක එකක් වන බවත්, එය පෙබරවාරියේ සිට හිරු ටීවී හි විකාශයවීමට නියමිත බවද පැවසේ.

උපේක්ෂා මෙහි ස්නේහා ලෙස රගන අතර, උද්ධික ප්‍රේමරත්න හා රොජර් සෙනවිරත්න ප්‍රධාන නළුවන්ගේ භූමිකාවලට පණ පොවති. ශ්‍රීමාල් වෙඩිසිංහ, සම්පත් තෙන්නකෝන්, ගීතා කාන්ති ජයකොඩි, රුෂාන් මෙන්ඩිස්, අංජලී බුදවත්ත හා ශිරෝෂි රොමේෂිකා මෙහි සෙසු චරිත මවති.

සුරේෂ් මාලියද්දගේ සංගීතයෙන් හැඩවන මෙම ටෙලියේ කැමරා අධ්‍යක්ෂණය දෙදෙනෙකු විසින් සිදුකිරීම විශේෂ සිද්ධියකි. රුවන් කොස්තා හා බුද්ධික ඉන්ද්‍රජිත් එසේ ස්නේහා හි කැමරා හසුරුවනු ලබති.

අසංක සායක්කාරගේ තිර පිටපතකට අනුව ස්නේහා ටෙලිය නිමවේ. හිරු රූපවාහිනී නාලිකාව සිය නාලිකාව ආරම්භ කිරීමෙන් පසුව ටෙලි ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබුවේද කැලුම්ගේ ටෙලියක් වන විසුල අහසයට ටෙලිය විකාශය ආරම්භ කරමිනි.

0 comments:

Post a Comment