Dec 30, 2013

පබා නොදුටු, දුෂ්‍යන්ත දුටු සිදුර....

රිදී රැයක් ප්‍රසංගයේ පුහුණුවීම් අතරතුර උපේක්ෂා ස්වර්ණමාලි හෙවත් පබා ට අකරතැබ්බයක් වූ බව වාර්තා වේ..

සිද්ධිය සැකවින් මෙසේය..

රිදී රැයක් පුහුණුවීම් අතරතුරදී ප්‍රවීන නිළි වීණා ජයකොඩි ඉදිකට්ටක් හා නූලක් රැගෙනවිත් ඉදිකට්ටට නූල දමාදෙන ලෙස පබාගෙන් ඉල්ලීමක් කර තිබේ..

වීණා මෙම ඉල්ලීම කර ඇත්තේ ඇගේ ඇස් පෙනීම දුර්වල බවද පවසමිනි..

වීණාගේ ඉල්ලීම සිනා මුසු මුහු‚න් පිළිගත් පබා පැත්තක් අල්ලගෙන වරුවක් තිස්සේ ඉදිකට්ටට නූල දැමීමට උත්සාහ කළද එය කිරීමට නොහැකිවී ඇත..

අවසානයේ අක්කේ මේකෙ හිල පොඩියි නූල ලොකුයි කියමින් එය වීණාටම ගෙනත් දී තිබේ..

පසුව වීණා තමා අසල සිටි නර්තන ශිල්පියකු හා ගායකයකු වන දුෂමන්ත වීරමන්ට අදාල කොන්ත්‍රාත්තුව ලබාදී ඇත..

දුෂ්මන්ත සිය ජංගම දුරකථනයේ විදුලි එළිය ක්‍රියාත්මක කර එමගින් පසුවෙන්ම ඉදිකට්ටට නූලා දමා තිබේ..

පබාද මේ සිද්ධිය අසල සිට දුට බවද පැවසේ..

No comments:

Post a Comment