සොනාලි හදිසියේම ලංකාවට නැවත පැමිණියේ ඇයි?

සිරි පැරකුම් සිනමාපටයෙහි සිරිමල් එතනාගේ චරිතය රගපෑ සෙනාලි ෆොන්සේකා පදිංචිව සිටියේ එංගලන්තයේය. ඇය දිවයිනට පැමිණියේ එම චිත්‍රපටයේ රගපෑමටය.

එහි වැඩකටයුතු හා තවත් වෙළෙද දැනවීම් කිහිපයකටද පෙනී සිටි ඇය යළිත් එංගලන්තයට ගොස් තිබිනි. කෙසේවුවද මේ වන විට ඇය යළිත් ලංකාවට පැමිණ නුවරඑළිය පැත්තේ සිටින බව වාර්තා වේ.

ඇය මෙසේ හදිස්සියේ යළි දිවයිනට පැමිණ ඇත්තේ පසුගිය කාලයේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ අළු බඳුන හි අධ්‍යක්ෂවරයා මෙන්ම රචකයා ද වන දිලුක ප්‍රසාද් ගුණතිලකගේ අලුත් ටෙලියට දායකවීමටය. එම ටෙලිය  කළු සෙවණැල්ල ලෙස නම්කර තිබේ.

කළු සෙවණැල්ල ටෙලි සිතුවමට ජීවන් කුමාරතුංග, රොෂාන් රණවන ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයේ දායකවන බවද පැවසේ.

0 comments:

Post a Comment