ගයානුයි, චතුරිකයි නොදැක්ක දෙයක් කරන්න හදයි....

ජනප්‍රිය නිළියක් වන චතුරිකා පීරිස් හා ජනප්‍රිය නළුවෙකු වන ගයාන් වික්‍රමතිලක ප්‍රේක්ෂකයන් නොදැකපු රංගනනයක් ඉදිරිපත් කිරීමට සැරසෙන බව වාර්තා වේ.

ඔවුන් දෙදෙනා මෙම රංගනය ඉදිරිපත් කිරීමට සැරසෙන්නේ ඔවුන් විසින් නිෂ්පාදනය කිරීමට සැරසෙන ටෙලිනාට්‍යක බවද පැවසේ.

නොදැකපු රංගනයක්, අහපු නැති සංගීතයක් හා ලස්සන ආදරකථාවත් ඔවුන් දෙදෙනාගේ නිෂ්පාදනයෙන් හැඩවැඩ වෙන මෙම ටෙලිනාට්‍යෙය්දී ප්‍රේක්ෂකයන්හට දැකගැනීමට ලැඛෙනු ඇතැයි ගයාන් පවසා ඇත.

චතුරිකාගේ හා ගයාන්ගේ ආදර පලහිලව්වක් ඇති බව මීට මාස කිහිපයකට උඩදී ක්ෂේ්‍රත්‍රයේ වැඩි කථාබහටද ලක්විය.

0 comments:

Post a Comment