මගේම සින්දුවක් කරන්න කියලා ගොඩ කාලෙක ඉඳලා ගොඩක් දෙනාගේ ඉල්ලීම් තිබුණා. මට ගැළපෙන දෙයක් කරන්න ඕන නිසයි ටිකක් කල් ගියේ. කල් අරගෙන කරපු දේට ලැබුණු ප්‍රතිචාරය ගැන ගොඩක් සතුටුයි.
ඒ සතුට ඉස්සරහට ගෙනියන්න තියෙන සූදානම?
මම කැමැතියි වෙනස් වෙනස් විදිහේ සින්දු කියන්න. රංගනයෙනුත් මට මේ දවස්වල ලැඛෙන්නේ ටිකක් වෙනස් චරිත. අලුත්, ඒ වුණත් මට ගැළපෙන සින්දු කරලා මට ගැළපෙන දේ තෝරාගෙන කරන්න තමයි බලාපොරොත්තුව. නොයෙක් ආරවල්වල දේවල් අත්හදා බැලුවම ගායකයෙක් විදිහට මට මාව හඳුනා ගන්න පුළුවන් වේවි.
සාරංගට රගපාන්න ආරාධනා ලැඛෙන ටෙලි නාට්‍යවල තේමා ගීතයට ආරාධනා ලැබිලා නැද්ද?
තවම තේමා ගීතයට ආරාධනා ලැබිලා නැහැ. ඒත් දැනට විකාශනය වෙන බිඳුණු සිත් කියන නාට්‍යයේ මැද දී මම ගීතයක් ගායනා කරලා තියෙනවා. ඒකත් මගේම චරිතයට. තව සති දෙක තුනකින් ඒක බලන්න පුළුවන්. සුසීමා චිත්‍රපටයෙත් ඒ වගේම අවස්ථාවක් මට ලැබුණා.

ඒක ඇත්තටම හරි විශේෂයි. ගායනය මට උපතින් ලැඛෙන්න ඇති. මගේ තාත්තාගෙන් වගේම අම්මාගෙනුත්. කොහොම වුණත් ර`ගපාන චරිතයට තමන්ටම ගායනය කරන්න ලැඛෙන්නේ කලාතුරකින්. මට ඒ විශේෂ හැකියාව තියෙන එක ගැන සතුටක් තියෙනවා.
ගායන හැකියාවෙන් ර`ගපෑමට උදව්වක් ලැඛෙනවාද?
මම සංගීතය ගැන ශාස්ත්‍රීය දැනුමක් තියෙන කෙනෙක් නෙවෙයි. මම සංගීතය ඉගෙන ගත්තේ පාසල් කාලේ විතරයි. මට තියෙන්නේ හැකියාව. මම හිතන්නේ ගායනයේ ප්‍රායෝගික අත්දැකීම් තුළින් මට ඉගෙන ගන්න පුළුවන්. ගායනයේ වගේම රංගනයේත් ප්‍රායෝගික අත්දැකීම් මට මේ අංශ දෙකේම ඉදිරි ගමනට වැදගත්.
සාරංග වාදන හැකියාවත් තියෙන කෙනෙක්?
ගිටාරය තරමක් දුරට වාදනය කරන්න පුළුවන්. වාදනය සහ ගායනය කියන්නේ මම හැමදාම ආසා කරන දේවල්.
ගායකයෙක් විදිහට ජනප්‍රිය වෙද්දී නළුවාගේ ජනප්‍රියකම අඩුවෙලාද?
මෙවර සුමති සම්මාන උළෙල ඉවරවෙලා ගෙදර ඇවිත් මමත් ඔය ගැන කල්පනා කළා. ඒත් මම ක්ෂේත්‍රයට ඇවිත් තාම අවුරුදු 7යි. එයින් අවුරුදු 6කම ජනප්‍රියම නළුවෝ පස්දෙනා අතර මම හිටියා. අදටත් එහෙමයි. ඒ නිසා මට තේරෙන විදිහට නළුවාගේ ජනප්‍රියකම එහෙමම තියෙනවා.
මට පරිගණක අංශයෙන් උපාධියක් තියෙන බව ඇත්ත. ඒත් පරිගණක එක්ක වැඩ නොකළාට ඒ උපාධිය නිසා මම ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ ඉගෙනගත් හැම දෙයින්ම මම වැඩ ගන්නවා.
ක්ෂේත්‍ර කීපයක වැඩ කරද්දී ගෙදර ජීවිතේ මග හැරෙන්නේ නැද්ද?
ගොඩක් වෙලාවට ගෙදර වැඩ, පවුලේ දේවල් මග හැරෙනවා. ඒත් මම කරන්නේ මේ ලෝකේ තියෙන වාසනාවන්තම රස්සාවක්නේ. අම්මා වගේම පවුලේ අනිත් අයත් ඒ ගැන තේරුම් අරගෙන ඉන්නේ.

තවම දින වකවානු කියන්න බැරි වුණත් ලබන අවුරුද්දේ තනිකඩ ජීවිතේට සමුදෙන්න පුළුවන් වේවි.
No comments:
Post a Comment