අද තරුෂිගේ වෙඩින් එක

ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි තරුෂි පෙරේරා අද යුග දිවියට එළැඹෙනවා. අද බොරලැස්ගමුවේ ගෝල්ඩන් රෝස් හෝටලයේ පවත්වන්නට නියමිත මෙම විවාහය ඇය සිදු කරන්නේ වෘත්තියෙන් බැංකු නිලධාරියෙකු වන සුමේධ සමගයි. ජූනි මස විවාහ ගිවිස ගැනීමේ උත්සවයෙන් පසු පසුගිය කාලයේ බොහෝ සාද වලට මේ දෙදෙනා එකට සහභාගී වුණා. යෝජිත විවාහයක් වන මේ ගැන තරුෂි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පසුගියදා මෙසේ පවසා තිබුණා.

zඑයාට වඩා මම තමයි වාසනාවන්ත. මොකද ඒ තරම් මට ආදරේ කරන ස්වාමිපුරුෂයෙක් මට ලැබීම නිසා. එයාගේ නම සුමේධ. බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක නියුක්ත වෙනවා. හරිම හොද ගතිගුණ තියෙන නිහතමානී මනුස්සයෙක්. එයාව මට මුණගැහෙන්නේ මගේ නංගිගේ නැන්දම්මා මාර්ගයෙන්. මොකද අපේ ගෙදරින් මට විවාහ යෝජනා හොයන කාලෙක මට ආපු විවාහ

යෝජනාවක් අනුව තමයි මට ඔහුව මුණ ගැහෙන්නේ. හැමදාම විවාහ යෝජනා අපුවහම කල් දාන මට සුමේධගේ හමුවීම කල් දාන්න බැරිවුණා.

මොකද ඔහු මට වඩා ඉක්මන් වුණ නිසා. මේ විවාහ යෝජනාව ගැන කතා බහ කරලා දවස් දෙක තුනකින් ඔහු මාව බලන්න පැමිණියා.
විශේෂයෙන්ම කියන්න ඕනේ ඔහු ඒ කටයුතු හරිම පිළවෙළකට කළා ඔහුගේ අම්මලව එක්කරගෙන ඇවිත්. ඔහු මට මුල ඉදලම ගොඩක් ආදරේ කළා. මම තමයි ඔහුට ආදරේ කරන්න පරක්කු වුණේ. මොකද මම කලා ක්ෂේත්‍රයේ සහ මගේ වෘත්තිය අනුව ඉදිරියට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් හොයමින් හිටපු නිසා මට ඔහු තේරුම් ගන්න ටිකක් කල් ගිය නිසා. නමුත් ඔහු එදා ඉදන් මට ගොඩක් ආදරේ කළා.

මගේ ජීවිතේ හැමදේටම ඔහු මට සහය වෙනවා. හැමදේම පිළිවෙලට කියලා දෙනවා. මගේ පුද්ගලික ජීවිතේ ඉදිරියේදී බොහෝ වෙනස්වීම් සිදුවෙන්න පුළුවන්. කලා ක්ෂේත්‍රයෙන් සමුගන්න නම් අදහසක් නැහැ. නමුත් තෝරා බේරාගෙන රගපෑම් වල නියුත්ත වෙන්න තමයි බලාපොරොත්තුව

0 comments:

Post a Comment