මහේලගේ බිරියට දුවක්...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක මහේල ජයවර්ධනගේ බිරිය ක්‍රිස්ටිනාට පෙරේදා(3) දුවක ලැබුණා. මේ සතුටුදායක පුවත ඔහු සිය ක්‍රිකට් ලෝලීන් සමග ඔහුගේ ට්විටර් වෙබ් පිටුවෙන් දන්වා සිටියේ මෙසේය.

Hi guys. Am absolutely thrilled to announce that my wife Christina & I had a beautiful baby daughter on Tuesday Dec. 3rd.


මහේලගේ බිරිය ක්‍රිස්ටිනාගේ ප්‍රථම දරු උපත මෙයයි. 36 හැවිරිදි මහේලගේ බිරිය ක්‍රිස්ටිනා 32 හැවිරිදි වියේ සිටින අතර ඇය ඩෙන්මාර්ක් ජාතික මවකට හා ශ්‍රීලාංකික පියෙකුට දාව උපන්නියකි. ඇයත් මහේලත් 2005 වසරේ විවාහවූ අතර මේ දරු උපත ගැන සුබාරංචිය පැමිණියේ වසර 8 කින් පසුය.

එළැඹෙන ශ්‍රී ලංකා පිලේ සාජා සංචාරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක මහේල ජයවර්ධන ඉවත්වූයේද මෙම පුද්ගලික කාරණාව මුල් කරගෙනය. මේ අතර අයිසීසී සම්මාන ප්‍රදානය සඳහා ස්පිරිට් ඔෆ් ද ක්‍රිකට් සම්මානයට මහේල නම් කළ බව ඊයේ වාර්තා වෙද්දී අද ඔහු එම සම්මානය සඳහා තේරී ඇති බවට සුබාරංචියක්ද ලැබී තිඛෙනවා.

0 comments:

Post a Comment