බැංගලොර් සිනමා උළෙලේ අවසන් දියවූ පසුගිය සිකුරාදා ප්‍රේමනීය බව උතුරා ගිය දිනක් බව විදෙස් වාර්තාවල දැක්වේ. එම ප්‍රේමාන්විත බව තවත් උද්දීපනය කරමින් ශ්‍රී ලංකා නිළි රැජින හා පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රීනී මාලිනී ෆොන්සේකාට සයිබීරියානු සිනමාකරුවකු වන ගෝරන් පස්කල්ජොවික් විසින් රෝසමලක් ලබාදී තිබේ.
එය සිදුව ඇත්තේ මෙසේය.
අදාල සිනමා උළෙලේදී ගෝරන් පස්කල්ජොවික්ට පිරිනැමුණු මල් කලඹින් ගිලිහුණ රෝසමලක් එම පීඨිකා වේ බිමට වැටී ඇත. එය අහුලාගත් සයිබීරියානු සිනමා කරුවා විසින් සිය අසුන ආසන්නයේ සිටි මාලිනීට එය පිරිනමා තිබේ.
මාලිනී එම රෝස මල ගැනීමට විළියෙන් ඇඹරී ඇති අතර එම මල මාලිනී අතට පත්වෙද්දී එහි ප්‍රේක්ෂකාගාරයේ සිටි අය ඊට ප්‍රේමාන්විත උද්දීපනයක් දුන් බවද පැවසේ.
No comments:
Post a Comment