හැම අතකින් හපන්කම්පාන මේ දඟකාරිය හරිම නිහතමානි චරිතයක්.ඇය ගොඩාක් විවෘත කෙනෙක්.මේ ළඟදී දවසක ඇය සිනමා පුවත්පතකට තමන්ගේ ප්‍රථම ප්‍රේමය ගැන සටහනක් දුන්නේ අන්න ඒ කාරණය නිසාවෙන්මයි.
ප්‍රථම ආදරය ගැන පවසා සිටියේ මෙන්න මේ විදියටයි.
ඉස්කෝලෙන් අයින් වෙනවාත් එක්කමයි මම ආදරය කළේ. මම හිතන්නේ මට වයස 19 ක් විතර ඇති ඒ වෙනකොට. අපේ ගෙවල් ළඟ අක්ක කෙනෙක්ගේ පාටියකදියි ඔහු මට මුණ ගැසෙන්නේ. මාව මුලින්ම ඔහු දකින්නේ එතැනදි. ඔහු තමයි මට ආදරෙයි කියලා කිව්වේ. නමුත් පාටියේදී මාව දැක්ක දවසෙදි නෙවෙයි. ගොඩක් කාලයකට පස්සෙයි.
මට ඒ වගේ කෙනෙක්ගෙන් වැඩක් නැති නිසා. එයා පස්සේ වැරැද්ද තේරුම් ගත්තත් මම එයාට කැමැති වුණේ නැහැ. එයා කියලා තිබුණා මම කරගත්ත ලොකුම මෝඩකමක් කියලා. ඊට පස්සේ දෙන්නත් එක්කම කතා කරලා එකඟත්වයට ඇවිත් අපි වෙන් වුණා.

No comments:
Post a Comment